ඔන්න දැන් අපි Network Devices ටිකක් අදුනගන්නයි යන්නෙ.
Repeater
ඔයාල දන්නවනෙ signal එකක් දුරට යවනකොට ඒක දුර්වල වෙනව කියල, අන්න ඒක නැති කරන්න තමයි අපිට මගින් මගට repeaters සවි කරන්න වෙන්නෙ. එතකොට මේකෙ තියෙන්නෙ එක Collision Domain එකක් ඒ වගේම එක Broadcast Domain එකක් විතරයි හොදද.
Hub
අපිට මේක හදුනගන්න පුලුවන් Repeater එකේම multiport device එකක් විදියට. `ඉතින් මේකට තියෙන්නෙත් එක Collision Domain එකක් ඒ වගේම එක Broadcast Domain එකක් විතරයි. තව පොඩ්ඩක් කතා කලොත් මේක ඉතින් වැඩකරන්නෙ physical layer එකේ. straight cable එකකින් අපිට පුලුවන් PC එකේ NIC එක hub එකට සවි කරගන්න ලෙහෙසියෙන්ම.
half duplex විතරයි වැඩ. security එකක් නෑ. මොකද වෙනත් සවිකරපු device වලිනුත් transmission එක බලන්න පුලුවන් නිසා. අනිත් අවුල තමයි මේකෙ settings හදන්නත් බැරි එක.
Bridge
මේක ගන්නෙ එකම ජාතියෙ LAN සම්භන්ධ කරන්න. හොද security එකක් වගේම device එකේ performance එකත් හොදයි.
ඒ වගේම ඔන්න මේක එක step එකක් උඩ, ඒ කියන්නෙ Data Link layer එකේ. ඒ නිසා මෙයාට ටිකක් මොළේ තියෙනව හරිද.
රූපය බලන්නකො. මෙයාට එක broadcast domain එකක් තිබ්බට වෙන වෙනම collision domains තියෙනව.
Switch
මේකට එක broadcast domain එකක් තිබ්බට කලින් වගේම වෙනම collision domains තියෙනව. මේකත් layer 2 තමයි ඉතින්. හැබැයි මේකෙ security එක ඉතා වැඩියි. ඉතින් Destination computer එකට හැරෙන්න වෙන අයට යවන දත්ත බලන්න නම් හම්බෙන්නෙ නෑ. full duplex (+ half) නිසා collision වලට බය වෙන්නත් ඔන නෑ. මෙයා ගොඩක් වේගවත් (10 to 100 Mb/s) , මොකද මෙයාගෙ හැම port එකකටම වෙන් වෙච්ච dedicated bandwidth එකක් තියෙන නිසා. ඇයි අපිට settings හදාගන්නත් පුලුවන්නෙ. (ඒ කිව්වෙ configuration කරනව කියන එක.)
දැන් බලමුකො switch එකට එන frame එකක් කොහොමද හරි තැනට යවන්නෙ කියල. ඒකට භාවිතා කරන්නෙ Mac Address Table එක.
ඔන්න දැන් A computer එක C ට frame එකක් යවන්නයි යන්නෙ. ඉතින් switch එකට ඒක ආවම, switch එක කරන්නෙ ආපු frame එක එයාගෙ buffer එකට දාගෙන, ආපු පැත්ත (switch එකේ port එක) වන E0 සහ ආපු computer එකේ MAC එක එයාගෙ Table එකට දගන්න එක.
ඊට පස්සෙ එයා බලනව යවන්නෙ කොහෙටද කියල, ඒ කියන්නෙ Destination computer (C) එකේ MAC එක table එකේ තියෙනවද කියල. මොකද යවන port එක අදුනගන්න එපැයි මොන පැත්තට යවන්නද කියල. ඉතින් table එකේ එහෙම සටහනක් නැත්නම් එයා කරන්නෙ ආපු port එකට හැරෙන්න අනික් ඒවට broadcast කරල දාන එක තමයි.
ඊ ලගට B වලින් C ට යවනව කියල හිතන්නකො. එතකොට මුලින්ම B, E1: 0260.8c01.3333(source) කියන entry එක එකතු වෙනව. destination එක තාමත් table එකේ නැති නිසා මේහිදිත් වෙන්නෙ broadcast කිරීම තමයි.
මෙන්න දැන් වෙනකොට MAC Address table එක,
E0: 0260.8c01.1111
E1: 0260.8c01.3333
දැන් D ඉදන් B ට යවනව කියල හිතන්නකො. එතකොට D, E3: 0260.8c01.4444(source) එක ලියාගැනීමෙන් අනතුරුව, destination එක(B, 0260.8c01.3333 ) table එකේ තියෙනවද කියල බලනව.
තියෙනව නේද? එහෙනම් හැමෝටම යවන්නෙ නෑ ඒ port(E1) එකෙන් විතරයි යවන්නෙ. එතකොට ඒක unicast කිරීමක්.
Router
මේයා තමයි ඉතින් අපේ ප්‍රධාන කතා නායකයා. මෙයා ඉහත හැමෝටම වඩා උඩින් ඉන්නෙ. ඒ කියන්නෙ 3 වන (නෙට්වර්ක්) layer එකේ. එකිනෙකට වෙනස් LAN සම්භන්ධකරන්න භාවිත කරන්න වගේම PSTN(dial up), Leased Line, Frame Relay, ISDN, ADSL, IP-VPN වගේ WAN සම්භන්ධ කරන්න භාවිත කරන්නෙ මෙයා තමයි.
කලින් වගේ නෙවෙයි router එකෙන් broadcast කරන්නෙ නෑ මොකද network address
හා interfaces යොදාගෙන Routing Table එක හදාගෙනයි තියෙන්නෙ. මේක operate කරන්න පුලුවන් transport / application layer වගේ higher layer වල ඉදෙගෙනම.
අනික් දේ තමයි Router එක network එකේ තියෙන broadcast domain ප්‍රමානය වැඩිකරනව. ඒ වගේම Router එකට පුළුවන් packet යවන්න එක broadcast domain එකක ඉදල තවත් broadcast domain එකකට.
- Networking
- Windows
- පලමු පාඩම (Windows Server 2003)
- දෙවන පාඩම (Windows Server 2008)
- තෙවන පාඩම(Replica dc එකක් ස්ථාපනය කිරීම)
- හතර වන පාඩම (File server, Printer server)
- පස් වන පාඩම (web server)
- හය වන පාඩම (Group Policy)
- හත් වන පාඩම (Windows Server Backup)
- Outlook2010 for gmail
- Windows Server 2012
- Internet proxy
- Comodo Firewall
- Linux
- Programming
- Softwares
- Research/Project
- About
No comments:
Post a Comment