Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

File server එකක් සහ Printer server එකක් ස්ථාපනය කිරීම

File server එකක් ස්ථාපනය කිරීම

අපි ඔන කෙනෙක් කරල තියෙන windows explore (right click කරල properties) share කිරීමට වඩා අපිට විශේෂ tool එකක් server එක මගින් ලබා දෙනව. මොකද්ද බලන්නකො ටූල් එක.



සේරටම කලින් අපිට අවශ්‍යය විධියට disk එක partition කරගනිමු(computer right click කරල mange ගිහින් disk management එකට යන්න). මගේ plan එක මේකයි. partition 2ක් හදනව HR, FIN කියල,  ඔන්න බලන්න.









දැන් නැවතත් අපේ ටූල් එකට යන්න. ඊට පස්සෙ HR එකේ HRDoc කියන folder එක තමයි share කරන්න යන්නෙ ඔන්න බලන්න.



දන්නවනෙ share කරද්දි ක්‍රම 2 කට share කරනව කියල, එකක් folder level(share permission /software based permission) අනිත් එල file level(NTFS permission - ගොඩක් options තියෙනව customise කරන්න ). අපිට මෙතනදි ක්‍රම 2ම ලබා දෙනව. මුලින් file level share කරමු.


මෙතනදි දකින්න පුලුවන් අපි share කරන්න භාවිත කරන protocol එක, ඒ තමයි SMB(Server Management Block). NFS ටික් එක දම්මම වෙනත් open standard file system වලටත් access වෙන්න පුලුවන්, හැබැයි ඒකට NFS ඉන්ස්ටල්ල් කරල තියෙන්න ඔන මුලින්ම.



මෙතනදි කලේ අදාල group add කරගෙන ඒ ඒ group වලට ඒ ඒ permission දුන්න එක.( උදා: HRManagers ලට full control එකත් HRusers ලට read permission එකත් දුන්න.)





client computer එකකට ගිහින් බලන්න shared folder නියමිත පරිදි වැඩද කියල. එහෙම නම් map කරගන්න drive එක පහත විධියට.



Tool එක නැතුව explore sharing කරන ක්‍රමයටත් share කරමු.
මම ඒකට භාවිත කරන්නම් FIN drive එක.


මතකනෙ share කරන ක්‍රම 2, පලමු ක්‍රමයට folder level විධියට share කරන්නෙ මෙහෙමයි.




මෙතනින් group වලට හෝ users ලට share කරන්න.

දැන් බලමු NTFS විධියට share කරන්නෙ කොහොමද කියල.
FIN Doc folder එකේ properties යන්න.


users ලට permission දෙන්න වගේම පහලින් තියෙන ටික් වලින් folder එකේ inheritance control කරන්නත් පුලුවන්.

දැක්කනෙ ගොඩක් options තියෙනව NTFS share කරද්දි.

ඔන්න ඉතින් file sharing මදි නොකියන්න කතා කලා. දන් තියෙන්නෙ printer server එක.

Printer server එකක් ස්ථාපනය කිරීම.










මෙතනදි Add click කරල users/group add කරල සාමන්ය විදියට permission දීල share කරන්න.
දැන් ඉතින් client computer එකකට permission දීපු user කෙනෙක්ගෙන් log වෙලා, device and printers ගිහින් add printer -> network printer ගිහින් share කරපු printer එක add කරගන්න.

No comments:

Post a Comment