Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

c# (ADO) 1

සාමාන්‍යයෙන් කියන button,label,textbox,combo box,check box, radio button තමයි වැඩිපුරම භාවිත වෙන්නෙ, හම එකකටම name එකක් තියෙනව. ඒ name එකෙන් තමයි program එකේදි අදාල control එක අදුන ගන්නෙ. text කියන්නෙ ඒකෙ display වෙන වචනය.
පුංචි උදාහරණයක්,
button එකක් එබුවම textbox දෙකේ එකතුව තව එකක display කරමු.
File->new->project, විදියට ගිහින් c# project එකක් අරගෙන, button එකකුයි textbox 3කුයි controls වලින් ඇදල දාගන්න පහත විදියට.



properties වලට ගිහින්, පලමු textBox දෙකේ නම txt1, txt2 ලෙසත් පහල textBox එක txtresult ලෙසත් නම් කරගත්ත, ඒ මට අදුනගන්න පහසු වෙන්න. ඒ වගේම form එකේ display වෙන text එක වෙනස් කරන්නෙත්, button එකේ Add කියල වෙනස් කරන්නෙත් text කියන තැනින්. දන් තියෙන්නෙ code කරන්න. ඒකට button එක double click කරන්න, ඊටපස්සෙ පහත විදියට ලියන්න සගල වරහන් දෙක ඇතුලෙ. textBox වල තියෙන්නෙ string එනිසා ඒවා double හෝ int වලට convert කරගන්න වෙනව calculation කරද්දි. ඒකට භාවිත කරන්නෙ Convert.to__ යන්න.

private void button1_Click(object sender, EventArgs e)
        {
            double res;
            res = Convert.ToDouble(txt1.Text) + Convert.ToDouble(txt2.Text);
            txtresult.Text = res.ToString();
        }

ඊටපස්සෙ කොලපාට ත්‍රිකෝණයක්, (play button එකක්) තියෙනව ඒක ඔබන්න, එහෙම නැත්තන් debug->start debugging දෙන්න.

මෙතැන් සිට කතා කරන්න බලාපොරොත්තු වන්නෙ පොඩි පොඩි වැඩ කෑලි.

messageBox එකක් දාන්නෙ මෙහෙම.
button click එක ඇතුලෙ මෙහෙම ලියන්න
MessageBox.Show("your message","your tittle");

comboBox එකත් එක්ක සෙල්ලම් දාමු.
comboBox එකේ තියෙන පුංචි ත්‍රිකෝණය click කරල manually items add කරල. ඒක select කලාම select කරපු item එක textbox එකක display කරමු.  comboBox එක double click කරන්න, එවිට ඒක වෙනස් කල විට වෙන්න ඔන දේ ලිවිය හැකියි.
private void comboBox2_SelectedIndexChanged(object sender, EventArgs e)
        {
            txtresult.Text = comboBox2.SelectedItem.ToString();
        }




No comments:

Post a Comment