Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

.Net framework සහ මූලික සංකල්ප

.Net platform එක ගත්තම පහත පරිදි කොටස් කරන්න පුලුවන්. එහිදී VB,C++,j#,Perl කියන common type systems තියෙනව. මේ languages වල run time environment,  ඒ කියන්නෙ common language specification හිදී වෙන්නෙ  අදාල කෝඩ් assembly language එකට හැරෙන එක විතරයි, එහිදි binary වීමක් සිද්ධ වෙන්නෙ නෑ.(Microsoft Intermediate Language-MSIL). ඒක binary කරන්නෙ common language runtime විසින්.

ඉතින් මේක භාවිත කරල අපිට පුලුවන් console applications, windows forms applications (must have .Net to run ), windows services ( while running , handle network requests) Asp .Net applications (dynamic web applications driven by database) Asp .Net web services, windows mobile applications ආදිය නිර්මාණය කරගන්න.


මොනවද මේ private, public, static කියන්නෙ?

public static 
ඒ කියන්නෙ පිට කෙනෙකුට භාවිත කරන්න පුලුවන් ඒ වගේම ස්ථිර නිසා ඔබ්ජෙක්ට් හදන්නෙ නැතුව භාවිත කරන්න පුලුවන්. ඔන්න බලන්නකො p කියන public static variable එක කෙලින්ම භාවිත කරන හැටි.

namespace Namespace1
{

class A
    {
        public static int p;

        void functionofA() {
            p = 2;
        }
    }

}
namespace Namespace1
{
class B
    {
        void functionofB() {
            A.p= 3; 
        }

    }
}
නමුත් නිකම්ම public විතරක් දුන්නොත්, ඔව් හරියටම හරි, ඒ කියන්නෙ ස්ථිර නෑ. එහෙනම් objects හදන්න වෙනව. මෙන්න මේ වගේ.

class A
    {
        public int p;

        void functionofA() {
            p = 2;
        }
    }
class B
    {
        void functionofB() {
            A a1 = new A();
            a1.p= 3;
        }

    }

නමුත් public ඉවත් කරොත් object හදලවත් පිටින් භාවිත කරන්න බැරුව යනව.

private
සාමාන්‍යෙන් variables හදන්නෙ මෙහෙම. මොකද පිටින් access කරන්න බැරි වෙන්නත් නමුත් get හා set කියන public functions මාර්ගයෙන් ඒවා භාවිත කරන්නත් පුලුවන් වෙන විධියට ආරක්ශාකාරී විධියට තමයි ඒවා define කරන්නෙ.
එක පේලියකින් 
public int p { get; set; } විධියට ලියන්න පුලුවන්, ඒත් මේ දෙවන ක්‍රමයෙන් පැහැදිලි වෙයි මොකද්ද ඒකෙදි වෙන්නෙ කියල

class A
    {
       // public int p { get; set; }
        private int p;
        public int P1
        {
            get
            {
                return p;
            }
            set
            {
                p = value;
            }
        }

    }

class B
    {
        void functionofB() {
           A a1 = new A();
           a1.P1 = 3;
            
        }
    }

අනික් දේ තමයි මොකද්ද namespace කියන්නෙ කියන එක. ඒ කියන්නෙ elements අඩංගු ලොකූ unique class එක. උදාහරණයක් විධියට Console.WriteLine දුන්නොත් උඩ using System නැතුව. එයා ඒක හදුනගන්නෙ නෑ. ඒත් System.Console.WriteLine දුන්නොත් හෝ උඩ using System කියල දුන්නොත් විතරයි ගන්නෙ. ඒ කියන්නෙ System කියන්නෙ මේව අහුවෙන unique class එක.

keywords
ඒ කියන්නෙ abstract, base, default, if, finally වගේ ඒව.

data type
ඒ කියන්නෙ size එක සහ අගය අනුව තීරණය වෙන දෙයක්. ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් ගන්න පුලුවන් value type හා reference type කියල.
1)Value type - Built in(int, float, double, bool) , User define (enum, struct)
2)Reference Type - Built in (object, String), User Define (Interface, Arrays)

enum
මෙහිදී වෙන්නෙ user define කරන values විතරයි ඒකට අතුලත් කරන්න පුලුවන් වෙන්නෙ.

class A
    {
        enum Sides
        {
            Left, Right, Top, Bottom
        }
        void functionofA()
        {
            Sides s1 = Sides.Bottom;
            Console.WriteLine(s1);
        }
    }

Implicit හා Explicit conversion
1)Implicit
මේකෙදි වෙන්නෙ පොඩි පොල්කට්ටක වතුර ලොකු බාල්දියකට දාන එක. ඉතින් අවුලක් නෑනෙ, පුරවන්න පුලුවන්
int x = 5;
 long y = x;
2)Explicit
මේකෙදි වෙන්නෙ බාල්දියෙ වතුර පොල්කට්ටට දාන එක, එතකොට ඉතින් මොකද වෙන්නෙ... ආයෙත් අහල වැඩිපුර ඒව හැලෙනව.
double y = 5.444;

 int x = (int)y;
x කියන එක ප්‍රින්ට් කලොත් අපිට බලාගන්න පුලුවන් ඒකෙ තියෙන්නෙ 5 විතරයි කියල.

අගයක් string  කිරීම
string s = "50";

int no = int.Parse(s);  //Convert.ToInt32(s);

string, අගයක් කරන්න නම් නිකම්ම 50.ToString();

Arrays
double[] balance = new double[10];
balance[0] = 4500.0;
or
double[] balance = { 2340.0, 4523.69, 3421.0};

string[] arr2 = { "one", "two", "three" };


blocks
මේ කියන්නෙ සගල වරහන් භාවිතයෙන් blocks වෙන් වන විධිය, parent block එකේ variable 1 define කරල ඒක ඇතුලෙ සගල වරහනක් දාල ආයෙ පටන් ගන්න child බෑ ඒ නමින්ම variable එකක් හදන්න. ඒත් එක child කෙනෙකු හදපු variable එකක් තව child කෙනෙකුට ඒ නමින්ම හදාගනීමට බාදාවක් නෑ.

operators
==  ->සමානද
!= ->අසමානද
no%2 -> කීයක් ඉතිරිද
|| -> හෝ
&& ->සහ

switch
මෙහිදී වෙන්නෙ, මොන case එකද වැඩ කරන්න ඔන කියල switch ඇතුලෙ තියෙන දේට අනුව තීරණය කිරීමයි. අවස්ථා ගනණාවක් සදහා if, else if දාන්න කරදර හින්ද මෙහෙම දානව. මෙහිදී break දැමීමට අමතක කරන්න එපා.
               int no=3;
            switch (no) { 
                case 1:
                    Console.WriteLine("One");
                    break;
                case 2:
                    Console.WriteLine("Two");
                    break;

                default:
                    Console.WriteLine("Other");
                    break;          

            }

No comments:

Post a Comment