Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

Networking දෙවන පාඩම (IP Addressing)

ඔන්න අද අපි කතා කරන්න යන්නෙ IP Addressing හා ඊට සම්භන්ධ ක්‍රියාකාරකම් ටිකක් තමයි.


IP address එක ගන්නෙ host එකක් අදුනගන්න කියල ඔයාල දන්නවනෙ. IP address ගත්තම ප්‍රධාන ලෙස කොටස් 2යි. ඒ virsion 4(32bit) හා virsion 6 (128bit) විධියට. ඒත් මේ පාඩමේ කතා කරන්නෙ IPV4 ගැන තමයි හොදද. ඔන්න බලන්න 32bits වලින් තියෙන උදාහරණයක්.
11000000  10101000  00001010  00000001
මේක dotted decimal වලින් ලිව්වම
192.168.10.1

දුරකතන අංකයක area code එක වගේ මේකෙත් network ID එකක් තියෙනව, host ID එකට අමතරව.
IP Addresses = Network ID   +   Host ID


ඔන්න බලන්නකො මේ පැතිරීම අනුව IP address එකක් classes වලට බෙදන හැටි.
(තව තියෙනව Multicasting වලට හදුන්වල දුන්න class D (1110 න් පටන් ගන්නව) හා ඉදිරියට වෙන් කල class E(11110 න් පටන් ගන්නව)  කියන class 2ක්.) 
ඔන්න බලන්නකො ප්‍රධාන classes හා දකුණින් දක්වල තියෙන ඒවාගේ network id එක තියෙන පරාසයන් ටික.

00000000 - 01111111
( 0 - 127)
 10000000 00000000 - 10111111 11111111
(128.0 - 191.255)
11000000 00000000 00000000- 11011111 11111111 11111111
(192.0.0 - 223.255.255) 

 

හොදයි ඔන්න පොඩි ප්‍රශ්ණ ටිකක්,
1) 193.14.56.22 කියන address එක ගනිමු. 
class එක                         = class C (පටන් ගන්න Byte එක 193 නිසා.
host address range එක = 193.14.56.0 - 193.14.56.255 (class C නම් host address වෙනස් වෙන්නෙ අන්තිම Byte එක විතරයි) දැන් බලමු මේකෙ network address එකයි broadcast address එකයි කියන්නෙ මොකද්ද කියල.
network address එක    = 193.14.56.0(class C නම් network id එක වෙන්නෙ මුල් Byte 3 නෙ.)
broadcast address එක = 193.14.56.255 

2)200.150.100.150/29  කියන address එක ගනිමු. 
subnet mask එක?
11111111 11111111 11111111 11111000 ( CIDR (classless inter domain routing) value එක 29 නිසා.))
subnet mask එක = 255.255.255.248
subnet ගනණ? මේක class Cනෙ (පටන් ගන්න Byte එක 200 නිසා.) ඔන්න දැන් බලන්න පුලුවන් කොච්චර සබ් නෙට්ස් කඩලද කියල,
1111111 11111111 11111111/ 11111000, වැඩිපුර 1වා 5ක් ඇවිත් නේද, එහෙනම් සබ්නෙට් 2^5 ක් කඩල.
subnet ගනණ =32
එක නෙට්වර්ක් එකක හොස්ට් ගනණ(භාවිත කල හැකි පරිඝණක ගනණ)?
2^3 - 2  = 8  (අග බින්දු 3න් කියෙන්නෙ හොස්ට් ගනණනෙ  ) [256-248]
valid ip address range එක ?
8 ගුණාකර ගන්න.
200.150.100."0" , 200.150.100."8", 200.150.100."16" .......... 200.150.100."144", 200.150.100."152"
150 අහු වෙන්නෙ මෙන්නෙ මේ රේන්ජ් එකටනෙ = 200.150.100.144 - 200.150.100.151

නෙට්වර්ක්(සබ් නෙට්) ඇඩ්‍රස් එක200.150.100.144
පලමු ip එක200.150.100.145
අන්තිම ip එක = 200.150.100.150
Broadcast ip එක = 200.150.100.151


3)host 100 ක් ඇති නෙට්වර්ක් එකක,
subnet mask එක?
100+2 = 102 ක් ඔන නෙ, බලමු බිට් කීයක් ඔන වෙයිද කියල, 2^7 = 128 ක් ඇති නේද?
host පැත්තෙන් host වලට වෙන් කරමු.
11111111 11111111 11111111 1  000 0000
subnet mask එක = 255.255.255.128
class එක               = C
subnet ගනණ       = 2^1 = 2
valid ip address range එක ?
256 - subnet bits => 256 -128 => 128 (128 ගුණාකර ගන්න)
x.x.x.0 - x.x.x.128  
          
4)172.20.0.1, subnet mask=255.255.252.0
class එක               =B
subnet ගනණ      = 2^6 = 64
එක නෙට්වර්ක් එකක හොස්ට් ගනණ?
11111111 11111111 "11111100" 00000000
2^10 - 2  = 1022  
valid ip address range එක ?
රේන්ජ් ගුණාකාර අගය = 256- subnet mask => 256- "11111100"   
256- 252 = 4
172.20."0".0,172.20."4".0, .....
172.20.0.1 අහුවෙන්නෙ 172.20."0".0 - 172.20."3".255
නෙට්වර්ක්(සබ් නෙට්) ඇඩ්‍රස් එක=  172.20.0.0
පලමු ip එක172.20.0.1
අන්තිම ip එක = 172.20.3.254
Broadcast ip එක = 172.20.3.255



5)132.221.135.125/19

class එක               =B

11111111 11111111 "11100000" 00000000
subnet ගනණ      = 2^3 = 8
එක නෙට්වර්ක් එකක හොස්ට් ගනණ?
2^13 - 2  = 8190

valid ip address range එක ? 
රේන්ජ් ගුණාකාර අගය = 256- subnet mask => 256- "11100000"  
256- 224 = 32

132.221."0".0, 132.221."32".0,   "64".0,   "96".0,   "128".0, "160".0...
132.221."135".125 අහුවෙන්නෙ 132.221.128.0 - 132.221.159.255
නෙට්වර්ක්(සබ් නෙට්) ඇඩ්‍රස් එක=  132.221.128.0
පලමු ip එක =  132.221.128.1
අන්තිම ip එක = 132.221.159.254
Broadcast ip එක 132.221.159.255


*** හොදටම මතක තියාගන්න ඔන දේ තමයි ගුණාකාර ගන්නෙ අදාල class එකට අදාල bit 8 උදව් කරගෙන කියන එක සහ, ගුණාකාර වැඩි කරන්නේ ඒකෙ 0 සිට කියන එක. ***


No comments:

Post a Comment